Sunday 19 August 2012

e මනි කියන්නේ මොකද්ද

ඔබ සමහර විට අන්තර්ජාලය භාවිතා කරන්නේකු නම් e මනි  නැතහොත් අන්තර්ජාල මුදල් කියන වචනය අහල ඇති. අපි අන්තර්ජාලය භාවිතා කර යම් මුදලක් ඉපැයීම e මනි ලෙස සැලකිය හැක. ඇත්තටම කිවහොත් අන්තර්ජාලය ඇසුරෙන් මුදල් හොයන ගොඩාක් ආයතන මෙන්ම පිරිස්ද ඇත. නමුත් ඇත්තටම කිවහොත් අන්තර්ජාලය බාවිතා කර මුදල් ඉපැයීම ගොඩාක් අමාරු දුෂ්කර කල් ගත වන කාර්යයකි. කෙසේ වුවත් ඔබ උත්සහවන්ත කෙනෙක් නම් ඔබට අන්තර්ජාලය ඇසුරෙන් අසීමිතව මුදල් ඉපැයිය හැක.

පලමුවෙන්ම ඔබ ලඟ පහල ගුණාංග තිබේ දැයි බලන්න.

  • උත්සහවන්ත බව.
  • ධෛර්යය වන්ත කම.
  • කැපවීම.
  • සත්‍යය වාදි බව.
අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි ක්‍රම.

  • වෙබ් අඩවි මගින්.
  • ඇඩ් මගින්
  • ඇඩ් නැරඹීමෙන්
  • විවිධ කාර්රයන් කර දීමෙන්. (පොඩි පොඩි ජොබ්)
  • ඔබ ලඟ සතු භාන්ඩ විකිනීමෙන්.
  • e බේ වැනි වෙබ් අඩවින් මගින් භාණ්ඩ ගෙන්වා අලවි කිරීමෙන්.
  • ගුගල් ඇඩ් මගින්.
  • වේබ් අඩවි, මෘදුකාංග, ගේම්, ඇප්ලිකේෂන් වැනි දේ නිර්මාණය කර විකිනීමෙන්.
පලමුවෙන් ඔබට පුංචි අවවාදයක් දෙන්න කැමති. කිසි විටෙකත් කවුරුවත් විශ්වාස නොකරන්න. විශ්වාසයක් ඇති වූ පසු විශ්වාස කරන්න.

මේහි සඳහන් දේ අපි අත්හදා බලමින් තිබෙන දේ බව කරුණාවෙන් සලකන්න.